ඔබ සිටින්නේ : Budget & Finance

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල

  1. හැදින්වීම

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 89 – 96 වගන්තිවල ප්‍රතිපාදන අනුව විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල (UPF) පිහිටුවන ලදී. අරමුදලේ ප්‍රධාන අරමුණ වන්නේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සඳහා විශ්‍රාම ප්‍රතිලාභ සහතික කිරීමයි.

 2. දායකත්වය

ඒ අනුව අර්ථසාධක අරමුදලේ සාමාජිකයා තම ඉපැයීම්වලින් 10%ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට දායක කරන අතරම සේවායෝජකයා අරමුදලට 15%ක දායකත්වයක් සපයනු ලබයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන ලද අතර එය මෙම දිනයෙන් පසුව පත් කරන ලද සේවකයින්ට පෙර සේවයේ යෙදී සිටි සේවකයින් සඳහා විකල්ප ක්‍රමයක් විය. විශ්‍රාම වැටුප් අරමුදලට සම්බන්ධ වූ සාමාජිකයින් හට 15% ක සේවා යෝජක දායකත්වයක් ලැබෙන අතර එය 7% සහ 8% වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ඒ අනුව, 8% ක මෙම විශ්‍රාම වැටුප් අරමුදලට දායක වන අතර 7% ක කොටස විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට දායක වේ.

   

මූල්‍ය විශේෂතා
2008 2009 2010 2011 2012

1.

දෙසැම්බර් 31 වන දිනට සම්පූර්ණ සාමාජිකත්වය 31,528 32,798 32,689 33,180 33,563
2. ආපසු ගෙවීම්
ආපසු ගෙවීම් ගණන 2,544 2,302 2,847 2,663 2,349
ආපසු ගෙවීමේ වටිනාකම (රු. මිලියන) 866.9 961.3 1,002.0 997.3 1,031
3. අරමුදල් ශේෂය (රු. මිලියන) 13,761.3 15,515.1 16,906.6 18,502 20,832
4. වර්ෂය තුළ ලබා දුන් ණය (රු. මිලියන) 695.1 640.1 708.8 858.8 784
5. මුළු ආයෝජන (රු. මිලියන) 9,890.6 11,290.5 12,547 13,582 15,692.2
6. ආයෝජන ආදායම (රු. මිලියන) 1,207 1,627.4 1,553.8 1,560.6 1,751.1
7. ගෙවූ බදු (රු. මිලියන) 121.9 164.3 155.3 124.8 141
8. දායකත්වය (රු. මිලියන) 1,122.20 1,147.50 1,161.1 1,354.3 1,566.6
9. ප්‍රකාශිත පොලී - ආරම්භක ශේෂය මත 12% 15.5% 10.5% 9.5% 11%