ඔබ සිටින්නේ : අප ගැන කොමිෂන් සභා සාමාජිකයන්

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවර්ධන

Senior Prof. A K W Jayawardane
ඔහු වරලත් ඉංජිනේරුවෙක්, ජාත්‍යන්තර වෘත්තීය ඉංජිනේරුවෙක්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමිය යන ආයතනවල සාමාජිකයෙක් මෙන්ම ‘Sri Lanka Association for Advancement of Science’ සංගමයේ යාවජීව සාමාජිකයෙක්, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකයෙක් සහ ‘The Society of Structural Engineers Sri Lanka’ සංගමයේ සාමාජිකයෙක් වේ. තවද ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ 'NDB Bank Endowed Professor in Entrepreneurship' තනතුර දරන ලද අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපතිවරයා ද වේ.

ඔහු ජාතික අධ්‍යාපන ආයතනය, ඉදිකිරීම් පුහුණු හා සංවර්ධන ආයතනය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය, මූල්‍ය අධ්‍යයන පිළිබඳ මිලෝදා ඇකඩමිය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික විද්‍යා පදනම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය යන ආයතවල පාලක සභා/මණ්ඩලවල සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇත. දැනට, ඔහු ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර, කොමර්ෂල් බැංකුව සහ සියේරා කේබල්ස් පී.එල්.සී. හි විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ. ඔහු විද්‍යා හා තාක්ෂණ සහ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ තවත් ජාතික කමිටු කිහිපයක සේවය කර ඇත.

එතුමා, ජාත්‍යන්තර සිංහ සමාජ - 306A1 දිස්ත්‍රික්කය විසින් ඉංජිනේරු අංශය යටතේ 2013 වසරේදී පිරිනමන ලද ''National Achiever’s Award'', IESL ජනාධිපති සම්මානය - 2012, සහ අධ්‍යාපනය සඳහා දැක් වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ආසියාවේ අධ්‍යාපන විශිෂ්ටතා සම්මානය - 2016, අධ්‍යාපන නායකත්වය සඳහා පිරිනමන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන නායකත්ව සම්මානය - 2017, අධ්‍යාපනය සඳහා දැක් වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ලෝක අධ්‍යාපන කොංග්‍රසය සහ CMO Asia විසින් පිරිනමන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන නායකත්ව සම්මානය - 2018 සහ IESL විසින් ඉංජිනේරු විද්‍යාවේ ප්‍රායෝගිකත්වයේ කීර්තිය සඳහා ලබා දෙන ඉහළම, වඩාත්ම ගෞරවනීය යාවජීව සම්මානය වන "Eminence in Engineering" - 2018 ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ අයෙකි.

 

 

නවතම තොරතුරු

පුවත් සහ සිදුවීම්

විශේෂ නිවේදන

ප්‍රදාන සහ ශිෂ්‍යත්ව
සිදුවීම්

1 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවේ ශත සංවත්සර සැමරුම - ලාංඡනය සහ වෙබ් අඩවිය එළි දැක්වීම
1 2020 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2020/21 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
1 2019 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ වීඩියෝව.
1 ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටි සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය
1 ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සංචාරය
 2 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩ භාර ගැනීම
 2 INQAAHE/APQN සම්මන්ත්‍රණ 2019, ශ්‍රී ලංකාව
 2 Presentation made by Chairman, UGC at the General Assembly of the INQAAHE biennial conference in Bahrain
 2 නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

පුවත්