වෙනත් රාජ්‍යයයන් / විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් / විදේශ ආයතනවලින් ශ්‍රී ලංකාවට විදේශ ප්‍රදාන ලබා ගැනීම සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම.
ඉහත විෂය සම්බන්ධයෙන් පහත දැක්වෙන ලිපි හා බැඳේ.
- “රාජ්‍ය ආයෝජන සඳහා සංවර්ධන ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මාර්ගෝපදේශ” යන මාතෘකාව යටතේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපනය, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු සහ කුසලතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2019.01.10 දිනැති ලිපි අංක MNPEA/PLN/PI/2019 (චක්‍රලේඛ අංක MNPEA 02/2019)
- ශ්‍රී ලංකාව වෙත වෙනත් රාජ්‍යයන් / විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන්/ විදේශ ආයතන විසින් ලබාදෙනු ලබන විදේශ ප්‍රදානයන් හා උපකරණ සහ තෑගි ලබාගැනීම හා ඒවා නිසි පරිදි ගිණුම්ගත කිරිම යන මාතෘකාව යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2019.07.25 දිනැති ලිපි අංක SC&PMU/ Grant/19
- “ආයෝජකයින්, ණය දෙන ආයතන, විදේශීය සංවිධාන සහ දූත මණ්ඩල සමඟ සම්බන්ධ වීම පිළිබඳ පවතින යාන්ත්‍රණය තාර්කික කිරීම” යන මාතෘකාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද 2019.12.19 දිනැති චක්‍රලේඛ අංක PS/SP/SB/Circular/06/2019.
- “රාජ්‍ය ආයෝජන සඳහා සංවර්ධන ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මාර්ගෝපදේශ” යන මාතෘකාව යටතේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020.01.31 දිනැති ලිපි අංක MFEPD/NP/Gen/2020/01.
- “විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති යටතේ නව වාහන සහ උපදේශන ප්‍රසම්පාදනය” යන මාතෘකාව යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2020.02.17 දිනැති ලිපි අංක ERD/IRCPRS/GEN/10.
- ශ්‍රී ලංකාව වෙත වෙනත් රාජ්‍යයන් / විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන්/ විදේශ ආයතන විසින් ලබාදෙනු ලබන විදේශ ප්‍රදානයන් හා උපකරණ සහ තෑගි ලබාගැනීම හා ඒවා නිසි පරිදි ගිණුම්ගත කිරිම යන මාතෘකාව යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2020.08.14 දිනැති ලිපි අංක SC&PMU/ Grant/20.
- “ප්‍රදාන අරමුදල් සහිත ව්‍යාපෘතිවල අරමුදල් බෙදා හැරීමේ යාන්ත්‍රණය සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රම විධිමත් කිරීම” යන මාතෘකාව යටතේ මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020.10.02 දිනැති ලිපි අංක ERD/AE/GEN/16.
විදේශීය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් (MoU)/ප්‍රදාන ගිවිසුම්වලට එළඹීමට පෙර සහ/හෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව රේඛීය අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.
තවද, 2018.07.03 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද්දේ විශ්වවිද්‍යාල විසින් අත්සන් කරනු ලබන සියලුම අවබෝධතා ගිවිසුම්/ ගිවිසුම් අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
එබැවින්, මේ සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ පාලනය වන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය පහත පරිදි වේ;
- අදාළ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ අනුමැතිය
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය
- අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය
- විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය
ඒ අනුව, අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ අමාත්‍යාංශයට නිර්දේශ ලබා දීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පහත සඳහන් ලියකියවිලි ඉල්ලා සිටී.
- i. උපලේඛන සහ ඇමුණුම් තිබේ නම් ඒවා ද ඇතුළුව අවබෝධතා ගිවිසුම/ ගිවිසුම ඇතුළත් සම්පූර්ණ කට්ටලය
- ii. අදාළ විශ්වවිද්‍යාලයේ නීති නිරීක්ෂණ, පීඨ මණ්ඩලයේ, සෙනෙට් සභාවේ නිර්දේශය ආදිය ඇතුළුව උසස් අධ්‍යාපන ආයතනයේ අදාළ අංශ/අධිකාරීන්ගෙන් ලබාගත් නිර්දේශ.
- iii. අවබෝධතා ගිවිසුම/ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීමට අනුමැතිය ලබා දෙන විශ්වවිද්‍යාල පාලක සභාවේ /ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභා වාර්තා
- iv. අවබෝධතා ගිවිසුම/ප්‍රදාන ගිවිසුම සඳහා නිසි ලෙස පුරවා සම්පුර්ණ කරන ලද “සාධාරණීකරණ ආකෘතිය” සහ “පිරික්සුම් ලැයිස්තුව” (බාගත කළ හැක)
- v. නිසි ලෙස පුරවා සම්පුර්ණ කළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද “ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ ආකෘතිය” (බාගත කළ හැක)
- vi. අවබෝධතා ගිවිසුමට/ප්‍රදාන ගිවිසුමට අදාළ අයවැය සහ අනෙකුත් අදාළ මූල්‍ය ලියකියවිලි
- vii. දායකයා විසින් නිකුත් කරන ලද ප්‍රදාන අනුමත කිරීමේ ලිපියේ සහතික කළ පිටපතක්
- viii. අවබෝධතා ගිවිසුමට/ප්‍රදාන ගිවිසුමට අදාළ ව්‍යාපෘති යෝජනාවේ සහතික කළ පිටපතක්
වැඩිදුර තොරතුරු උප සභාපති කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාගෙන් (දුරකථන: 0112 123623 / විද්‍යුත් තැපෑල: chathurika@ugc.ac.lk) ලබා ගත හැකිය.