අරමුණු සහ ව්‍යුහය
පසුබිම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලැබූ සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් සමන්විත වූද එසේ නිශ්චය කරනු ලබන බලතල කාර්යය සහ කර්තව්‍ය ඇත්තා වුද ස්ථාවර කමිටු විශේෂිත අරමුණු සඳහා පත් කිරීමට, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 4(2) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලතල පැවරී ඇත. ඒ අනුව, මින් ඉදිරියට සඳහන් කරන බලතල, කාර්ය සහ කර්තව්‍ය සහිත ස්ථාවර කමිටුවක් (මෙතැන් සිට “ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම පිළිබඳ ස්ථාවර කමිටුව” ලෙස හැඳින්වේ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිහිටුවනු ලැබේ..
සංයුතිය
අ) ස්ථාවර කමිටුවේ සාමාජිකත්වය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබේ.
- ස්ථාවර කමිටුව, කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන සභාපතිවරයෙකුගෙන් සහ තවත් සාමාජිකයන් 6කට නොඅඩු ගණනකින් සමන්විත විය යුතු අතර, ඔවුන් සියල්ලන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබේ;
- විෂය සම්බන්ධ අධ්‍යයන වැඩසටහන් ඉදිරිපත් කරන පීඨවල පීඨාධිපතිවරුන්, පීඨයක් වෙනුවට අධ්‍යයනාංශයක් පමණක් ඇති අධ්‍යයනාංශවල ප්‍රධානීන් සහ විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ආයතනවල අදාළ අධ්යක්ෂවරුන් ස්ථාවර කමිටුවේ නිල බලයෙන් ම සාමාජිකයන් විය යුතුය.
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අධ්‍යයන ක්ෂේත්රයේ කැපී පෙනෙන වෙනත් සාමාජිකයන් ගණනාවක් ස්ථාවර කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කළ යුතුය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරියෙකු ස්ථාවර කමිටුවේ ලේකම් ලෙස පත් කළ යුතු අතර, ස්ථාවර කමිටුවේ වාර්තා සහ දේපළ භාරකාරත්වය සම්බන්ධයෙන් වගකීම සහ සභාපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවේ රැස්වීම් කැඳවා පවත්වාගෙන යාම හා ස්ථාවර කමිටුවේ රැස්වීම්වල සභා වාර්තා පවත්වාගෙන යාම ස්ථාවර කමිටුවේ ලේකම් විසින් සිදු කළ යුතුය.
සභාපතිවරයා ද ඇතුළුව ස්ථාවර කමිටුවේ සෑම සාමාජිකයෙක් ම, ඔවුන් කලින් ධූරයෙන් ඉවත් වීමක දී හැර, ඔවුන් පත් කළ දින සිට ගණනය කරන ලද වසර තුනක කාලයක් සඳහා නිලය දරන අතර, ධූරයෙන් ඉවත් නොකළහොත් මිස, නැවත පත් කරනු ලැබීමට සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, නිල බලයෙන් සාමාජිකයන් වන පීඨයක පීඨාධිපති /අධ්‍යයනාංශ ප්‍රධානී /ආයතනයක අධ්‍යක්ෂක එම තනතුර දරන තාක් කල් නිලතල දරනු ඇත.
මෙහෙයුම් ක්‍රියාපටිපාටිය
අ) ස්ථාවර කමිටුවේ සභාපතිවරයා ස්ථාවර කමිටුවේ සියලු ම රැස්වීම්වල මුලසුන දැරිය යුතුය. ස්ථාවර කමිටුවේ යම් රැස්වීමකට සභාපතිවරයා සහභාගී නොවන අවස්ථාවක දී, වෙනත් සාමාජිකයෙකු තාවකාලික සභාපති ලෙස එවැනි රැස්වීමක මුලසුන දැරිය යුතුය.
ආ) ස්ථාවර කමිටු රැස්වීමක ගණපූරණය සාමාජිකයන් හතරකි.
ඇ) ස්ථාවර කමිටුව නිරතුරුව රැස්විය යුතු අතර මාස දෙකකට එක් වතාවක්වත් අවම ලෙස රැස් විය යුතුවේ. එම රැස්වීම සභාපතිවරයා අනෙකුත් සාමාජිකයන් සමඟ සාකච්ඡා කර, එම සාකච්ඡාවෙන් පසු තීරණය කරන ලද වේලාවක සහ ස්ථානයක, එනම් විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක පැවැත්විය හැකි අතර, ව්‍යාපාර ගනුදෙනුව සම්බන්ධයෙන් එවැනි ක්‍රියා පටිපාටි රීති පිළිපැදිය යුතුය. කෙසේ වෙතත්, ස්ථාවර කමිටුව භෞතික ව රැස් නොවන අවස්ථාවක දී, එය ඉලෙක්ට්‍රොනික ව අථත්‍ය රැස්වීමක් ආකාරයෙන් පැවැත්විය හැකිය.
ඈ) තීරණ ගැනීම පොදු එකඟතාවයෙන් යුතුව සිදු කළ යුතු අතර එය කොමිසමේ අනුමැතියට යටත් වේ.
ඉ) ස්ථාවර කමිටුවේ ප්‍රගතිය සෑම මාස 06කට වරකදී ම සමාලෝචනය කරන අතර එමඟින් කළමනාකරණ කමිටුව සහ කොමිෂන් සභා මට්ටමෙන් පවතින ගැටළු විසදා ගත යුතුය.
ස්ථාවර කමිටුවේ අරමුණු
අ) විකාශනය වන අධ්‍යාපන අවශ්‍යතා සහ ප්‍රමිතීන්ට සරිලන පරිදි උපාධි හා පශ්චාත් උපාධි මට්ටම් දෙකෙහි ම අදාළ අධ්‍යයන ක්ෂේත්රය හැඩගස්වා ගැනීමට සහ ශක්තිමත් සමාජ වගකීමක් සහ ඉහළ ම සදාචාරාත්මක ප්රමිතීන් සමඟ සමකාලීන ජාතික හා ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා උපාය මාර්ගික මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැපයීම.
ආ) අධ්‍යයන ක්ෂේත්රය වැඩිදියුණු කිරීමට දායක වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ඉහළ ම ප්රමිතීන් සහතික කිරීම.
ඇ) සැලකිය යුතු සමාජ, දැනුම සහ ආර්ථික බලපෑමක් ඇති කරන සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වන විද්වතුන් සහ සිසුන් යන දෙඅංශයේ ම පර්යේෂණ දිරිමත් කිරීම.
ඈ) රට තුළ එකී අධ්‍යයන ක්ෂේත්රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අවශ්‍ය මානව සහ වෙනත් යන දෙඅංශයේ ම සම්පත් හඳුනා ගැනීම, අත් කර ගැනීම සහ ලබා ගැනීමට අවශ්‍ය වන පහසුකම් සැලසීම.
5. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, ස්ථාවර කමිටුව පහත සඳහන් විශේෂිත ක්‍රියාකාරකම් සිදු කරනු ඇත: යොමු නියමයන්
අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වරින් වර නිකුත් කරන ලද ප්‍රතිපත්ති උපදෙස් මත ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ විශ්වවිද්‍යාල/මණ්ඩප/ආයතන/ පීඨ/අධ්‍යයනාංශ මට්ටමින් නියමිත මුල් පිරීම්, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
ආ) අදාළ පීඨවල සහ අධ්‍යයනාංශවල ඉහළ ම ප්රමිතීන් සහතික කිරීම සඳහා බඳවා ගන්නා කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුදුසුකම් පිළිබඳ ව වරින් වර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම. එවැනි ඕනෑම යෝජනාවකට වෘත්තීය සුදුසුකම්වලට ඇතුළත් වීමට මාර්ගයක් වන අධ්‍යාපනයේ නිශ්චිත ඉල්ලීම් සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛවලට අන්තර්ග්‍රහණය කළ යුතු අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම
ඇ) නිතිපතා සමාලෝචන ක්‍රියාවලීන් හරහා ප්රමිතීන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දීම.span>
ඈ) එවැනි උපාධි අපේක්ෂක වැඩසටහන් ගෝලීය වශයෙන් පිළිගෙන ඇති බව සහ අදාළ අවස්ථාවන්හි දී ප්‍රතීතනය කර තිබීම සහතික කිරීම.
ඉ) එවැනි පිළිගැනීමක් සහ ප්‍රතීතනය, සම්පත් ලබා ගැනීම, අධ්‍යාපනය සහ වෘත්තිය දියුණු කිරීම සඳහා අදාළ වෘත්තීය ආයතන සමඟ කටයුතු කිරීම.
ඊ) අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ගෝලීය සහ ජාතික ආයතන හා කර්මාන්ත සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහයෝගීතාවය සහ වෘත්තීය භාවිතය ප්‍රවර්ධනය කිරීම.
උ) විෂයමාලා ප්‍රතිසංස්කරණ සහ නව අධ්‍යයන වැඩසටහන් සඳහා වන විෂයමාලා සම්බන්ධයෙන් පීඨ /අධ්‍යයනාංශ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීම සහ නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම.
ඌ) නව අධ්‍යයනාංශ /පීඨ පිහිටුවීම සඳහා විශ්වවිද්‍යාල විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමට ලක් කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
එ) නව ප්‍රථම උපාධි වැඩසටහන් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, එනම්, අවශ්‍යතා සහ ඉල්ලුම තක්සේරු කිරීමේ ක්‍රම සහ විධි, උපාධි වැඩසටහනට විශේෂිත වූ සුදුසුකම් විස්තර, උපාධියේ ස්වභාවය, අධ්‍යයන වැඩසටහනේ ව්‍යුහය, අධ්‍යයන සම්භාර සහ සුදුසුකම් රාමුව, උපාධි වැඩසටහනේ අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵල, පාඨමාලා සහ මොඩියුලවල අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵල සහ ඇගයීම් ක්‍රියා පටිපාටි සකස් කිරීම.
ඒ) වැඩිදියුණු කළ සමාජ, දැනුම සහ ආර්ථික බලපෑම සඳහා විෂයයට අදාළ ප්‍රධාන ක්ෂේත්රවල පර්යේෂණ ශක්තිමත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම./span>
ඔ) වාණිජ, කළමනාකරණය, ව්‍යාපාර සහ අනුබද්ධ අධ්‍යයන උපාධි වැඩසටහන්වල ගුණාත්මක භාවය සහ අදාළත්වය වැඩිදියුණු කිරීම සහ එසේ වැඩිදියුණු කිරීම සඳහා නව මුල් පිරීම් සහ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා උත්ප්‍රේරක ඒකකයක් ලෙස ක්‍රියා කිරීම සහ ඒවා සලකා බැලීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
ඕ) විෂය කඩයිම් ලකුණු ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සහාය වීම සහ දිරිගැන්වීම.
ඖ) එම ප්රකාශනවල ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා අදාළ විෂය ක්ෂේත්රයේ සඟරා ප්‍රකාශන සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම
ක) කොමිෂන් සභාව හරහා විෂය විනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ දී අදාළ අමාත්‍යාංශවලට සහාය ලබා දීම.
ග) අදාළ විෂය ක්ෂේත්රයේ සහ වෘත්තියේ වර්ධනයන් සම්බන්ධ සම්මන්ත්රණ, වැඩමුළු, සම්මන්ත්රණ ආදිය හරහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම.
ච) ස්ථාවර කමිටුවට අදාළ වෙනත් අධ්‍යයන කටයුතු නිර්දේශ කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
සාමාජිකයන්ගේ තොරතුරු
සාමාජිකත්වය | නම | තනතුර | විශ්වවිද්‍යාලය/උසස් අධ්‍යාපන ආයතනය |
සභාපති | කොමිෂන් සභාවේ සාමාජික | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | |
ලේකම් | තිළිණි අංජානා මිය | සහකාර ලේකම් /අධ්‍යයන කටයුතු | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව |
සාමාජිකයන් | |||
ආචාර්ය බිහිමිණී අබේවික්‍රම | අධ්යක්ෂ | ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශ්වවිද්‍යාල පරීක්ෂණ සේවා සඳහා වන ජාතික මධ්‍යස්ථානය (NCU)- සභාපති | |
මහාචාර්ය කේ.පී.හේවාගමගේ | අධ්යක්ෂ | කොළඹ විශ්වවිද්‍යාලයීය පරිඝනක අධ්‍යයනායතනය | |
ශිවානී ඉලංගකෝන් මිය | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය, කලා පීඨය | කොළඹ විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ජයන්ත වන්නිසිංහ | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භාෂා අධ්‍යයනාංශය | ශ්‍රී පාලී මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය | |
ආචාර්ය එස්.උමාශංකර් | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය, කලා හා සංස්කෘතික පීඨය | නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව | |
ආචාර්ය වී.ජේ.නවීන්රාජ් | ප්‍රධානී / භාෂා සහ සන්නිවේදන අධ්‍යයන අධ්‍යයනාංශය | ත්‍රිකුණාමලය මණ්ඩපය | |
ගෙවානි ප්රහලදන් මිය | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය /මානව ශාස්ත්‍ර පීඨය | කැලණිය විශ්වවිද්‍යාලය | |
ඩබ්ලිව්.එම්.පී.වයි.බී.රත්නායක මයා | ප්‍රධානී,භාෂා අධ්‍යයනාංශය, ඉංජිනේරු පීඨය | මොරටුව විශ්වවිද්‍යාලය | |
ආචාර්ය රොමෝලා රසූල් | අධ්යක්ෂ, ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනය | ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය | |
ආචාර්ය එස්.ඒ.ඒ.කේ.සතරසිංහ | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය/ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨය | ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය | |
ආචාර්ය පී.ආර්.කේ.ඒ.විතාරණ | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය, කලා පීඨය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
ආචාර්ය එස්.ජී.එස්.සමරවීර | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය/ මානව ශාස්ත්‍ර පීඨය | රුහුණු විශ්වවිද්‍යාලය | |
ඩී.ඒ.වේහැල්ල මයා | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය / සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය | ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය | |
එම්.අයි.එෆ්. කරීමා මිය | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය / කලා හා සංස්කෘතික පීඨය | ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය | |
ඩී.එල්.එස්. සරත් ආනන්ද මයා | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය / මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ලක්මිණි බස්නායක | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය / සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය | ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය | |
ආචාර්ය කේ.සන්මුගනාදන් | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය, කලා පීඨය | යාපනය විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ආර්.එම්.එස්.එන්.ඇම්බෝගම | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය, නර්තන හා නාට්‍ය පීඨය | සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ජී.එච්. අබේවීර | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය / පීඨාධිපති, කළමනාකරණ පීඨය | ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ජී.ජෙයසීලන් | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය, ව්‍යාපාර අධ්‍යයන පීඨය | වව්නියාව විශ්වවිද්‍යාලය | |
මොහාන් සමරනායක මයා | ප්‍රධානී / ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය, ව්‍යාපාර අධ්‍යයන පීඨය | ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය | |
මහාචාර්ය එස්.ඒ.එම්.ඒ.එන්.එස්. සේනානායක | අධ්යක්ෂ / IQAU(නිරීක්ෂක) | ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය |