ඔබ සිටින්නේ : අප ගැන විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලය

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

විශ්වවිද්‍යාල පනත - XI කොටස

විශ්වවිද්‍යාල සේවා අභියාචන මණ්ඩලය


80. මේ පනත යටතේ තත් කාලයෙහි අභියාචන මණ්ඩලයේ සාමාජිකයන් වන තැනැත්නන්ගෙන් සමන්විත වන (මෙහි මින් මතු 'අභියාචන මණ්ඩලය' යනුවෙන් සඳහන් කරනු ලබන) විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලයක් පිහිටුවනු ලැබේ. විශ්වවිද්‍යාල සේවා අභියාචන මණ්ඩලය පිහිටුවීම.
81. අභියාචන මණ්ඩලය සභාපතිවරයෙකුගෙන්, උප සභාපතිවරයෙකුගෙන් හා තවත් සාමාජිකයෙකුගෙන් සමන්විත වන අතර ඒ සියලු දෙනාම අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන්නාහ. අභියාචන මණ්ඩලයේ සාමාජිකයෝ
82. (1) සභාපතිවරයා ඇතුළුව අභියාචනා මණ්ඩලයේ සෑම සාමාජිකයෙකු ම, ඔහු කලින් තම ධුරය අතහැර ගිය හොත් මිස, ඔහු පත් කරනු ලැබූ දින සිට ගණන් ගනු ලබන වර්ෂ පහක කාලයක් ධුරය දරන අතර, ධුරයෙන් ඉවත් කරනු ලැබුව හොත් මිස, නැවත පත් කරනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය: අභියාචන මණ්ඩලයේ සාමාජිකයින්ගේ ධූර කාලය.
එසේ වුවද, තමාගේ ධුර කාලය ඉකුත්වීමට පෙර යම් සාමාජිකයෙකු තම ධූරය අත්හැර ගිය හොත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ද කලින් ධූරය අත්හැර ගිය හොත් මිස, ඒ අනුප්‍රාප්තිකයා විසින් තම පූර්ව ගාමියාගේ ඉතිරිව තිබූ ධූර කාලය තුළ ධූරය දැරිය යුතු ය.
(2) අමාත්‍යවරයා වෙත යවනු ලබන තම අත්සන යටතේ වූ ලිපියක් මඟින් අභියාචන මණ්ඩලයේ සාමාජිකයෙකුට තම ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය, එහෙත් ඒ ඉල්ලා අස්වීම භාර ගන්නා තුරු ඔහු තවදුරටත් තම ධුරයේ සිටිය යුතු ය.
(3) රෝගාතුර වීම නිසා හෝ වෙනත් දුර්වලතාවක් නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ අභියාචන මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට තමන් ධූරයේ කටයුතු ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වුවහොත් ඒ සාමාජිකයා වෙනුවට කටයුතු කිරීමට සුදුසු තැනැත්තෙකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකිය..
(4) මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන පාරිශ්‍රමික හෝ දීමනා අභියාචන මණ්ඩලයේ සභාපතිවරයාට සහ අනෙකුත් සාමාජිකයන්ට ගෙවනු ලැබිය යුතු ය.
83. (1) (අභියාචන මණ්ඩලයේ සියලු ම රැස්වීම්වල මුලසුන ඒ මණ්ඩලයේ සභාපතිවරයා විසින් දැරිය යුතු අතර සභාපතිවරයා පැමිණ නොසිට විටක දී උප සභාපතිවරයා මුලසුන දැරිය යුතු ය. අභියාචන මණ්ඩලයේ කටයුතු
(2) අභියාචන මණ්ඩලයේ රැස්වීමක් සඳහා අවශ්‍ය ගණ පූරණය සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත වන්නේ ය.
(3) අභියාචන මණ්ඩලයේ රැස්වීම් පැවැත්වීම පිළිබඳ පරිපාටිය ඒ මණ්ඩලය විසින් සාදනු ලබන රීති මඟින් නියම කරනු ලැබිය යුතුය.
84. (1) අභියාචන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ලේකම්වරයෙකුගෙන් හා මණ්ඩලයේ කටයුතු නිසි ලෙස හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය යයි ඒ මණ්ඩලය සලකන වෙනත් නිලධාරයන්ගෙන් හා සේවකයන්ගෙන් සමන්විත වන අතර ඒ සියලු දෙනාම කොමිෂන් සභාව විසින් කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයෙන් හෝ උසස් අධ්‍යාපන ආයතනයක කාර්ය මණ්ඩලයෙන් හෝ සපයා දිය යුතු ය. අභියාචන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය
(2) අභියාචන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඒ අභියාචන මණ්ඩලයේ විනය පාලනයට යටත් වන්නේ ය.
(අ) 82 වන වගන්තියේ (4) වන උප වගන්තිය යටතේ නිශ්චය කරනු ලැබූ පරිදි අභියාචන මණ්ඩලයේ සාමාජිකයන් ට ගෙවීම් කිරීම;
(ආ) අභියාචන මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ වැටුප් හා වේතන ගෙවීම; සහ
(ඇ) අභියාචන මණ්ඩලයේ බලතල, කාර්ය හා කර්තව්‍ය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා ඒ මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සැලැස්වීම
කොමිෂන් සභාවේ කාර්ය වන්නේ ය.
85 (අ) මේ පනත යටතේ හෝ යම් උචිත සාධන පත්‍රයක් යටතේ හෝ අභියාචන මණ්ඩලය විසින් සද්භාවයෙන් කරන ලද හෝ කරනු ලැබූ ලෙස සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් අභියාචන මණ්ඩලයට විරුද්ධව; හෝ මෙම පනත යනාදිය යටතේ නැතහොත් අභියාචන මණ්ඩලයේ විධානය මත කරනු ලැබූ ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂාව
(ආ) මේ පනත යටතේ හෝ යම් උචිත සාධන පත්‍රයක් යටතේ හෝ අභියාචන මණ්ඩලයේ විධානය මත හෝ අභියාචන මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ කරනු ලැබූ ලෙස සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව
කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් නොවිය යුතු ය.
(2) යම් අධිකරණයක් ඉදිරියෙහි අභියාචන මණ්ඩලය විසින් හෝ අභියාචන මණ්ඩලයට විරුද්ධව හෝ පැවරෙන සිවිල් හෝ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් අභියාචන මණ්ඩලයට දරන්නට සිදුවන යම් කිසි වියදමක් වෙතොත් එය කොමිෂන් සභාවේ අරමුදලින් ගෙවිය යුතු අතර එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අභියාචන මණ්ඩලයට ගෙවනු ලබන හෝ අභියාචන මණ්ඩලය විසින් අය කර ගනු ලබන යම් ගාස්තුවක් වෙතොත් එය යට කී අරමුදලට බැර කළ යුතු ය.
(3) (1) වන උපවගන්තියේ (ආ) ජේදයේ සඳහන් යම් කිසි තැනැත්තකු විසින්, මේ පනත යටතේ හෝ උචිත සාධන පත්‍රයක් යටතේ හෝ අභියාචන මණ්ඩලයේ විධාන මත කරන ලද නැතහොත් කරනු ලැබූ ලෙස සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කවර හෝ අධිකරණයක පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී, ඔහු විසින් ඒ ක්‍රියාව සද්භාවයෙන් කරන ලද්දේ යයි ඒ අධිකරණය පිළිගනිතහොත්, ඔහුට දරන්නට සිදුවන යම් කිසි වියදමක්, ඔහු විසින් ඒ සිවිල් හෝ අපරාධ නඩුවේ දී අයකර ගන්නා ලද්දේ නම් මිස, කොමිෂන් සභාවේ අරමුදලින් ඒ වියදම ඔහුට ගෙවනු ලැබිය යුතු ය.
(4) (අභියාචන මණ්ඩලයට විරුද්ධව ගෙනෙනු ලබන නඩුවක දී අභියාචන මණ්ඩලයේ සාමාජිකයකුට හෝ ඔහුගේ දෙපළට හෝ විරුද්ධව රීට් බලපත්‍රයක් නිකුත් නොකළ යුතු ය.
86. අභියාචන මණ්ඩලයට පහත සඳහන් බලතල, කාර්ය සහ කර්තව්‍ය ඇති අතර ඒ මණ්ඩලය විසින් ඒවා ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ හැකිය: මණ්ඩලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය
(අ) කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට හා උසස් අධ්‍යාපන ආයතනවලට පත් කිරීම් හෝ උසස් කිරීම් කරනු ලැබූ හෝ කරනු ලදැයි කියනු ලබන අවස්ථාවේ බලපැවැත්වූ බඳවා ගැනීමේ පරිපාටිවලට සහ පත් කිරීමේ ක්‍රමවලට පටහැනිව කරනු ලැබුවේ යැයි කියනු ලබන පත්කිරීම් හා උසස් කිරීම් පිළිබඳව සහ තනතරුවල පුරප්පාඩු ඇතිවූ අවස්ථාවල, ඒ තනතුරුවලට පත් කිරීම හෝ උසස් කිරීම් කරනු නොලැබූ බවට වූ චෝදනා පිළිබඳව විමර්ශන පැවැත්වීම. [1995 අංක 86(අ) වගන්තිය]
(ආ) සේවයෙන් පහ කරනු ලැබූ අනිවාර්යයෙන් විශ්‍රාම ගන්වනු ලැබූ හෝ විෂමාචාරය, අකාර්යක්ෂමතාවය හෝ රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් අන්‍යාකාරයකින් දඬුවම් කරනු ලැබූ කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක සේවකයන් විසින්, සේවයෙන් පහ කිරීමට, අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමට හෝ ඒ අන්‍යාකාර දඬුවමකට විරුද්ධව ඉදිරිපත් කරනු ලබන අභියාචන සලකා බැලීම. [1985 අංක 7 , 86(ආ) වගන්තිය]
(ඇ) පරණ විශ්වවිද්‍යාලයේ සේවකයන්ට මේ පනතේ 142 වන වගන්තිය යටතේ ගෙවිය යුතු වන්දි සම්බන්ධයෙන් පරණ විශ්වවිද්‍යාලයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක හෝ සේවකයන්ව සිටි කොමිෂන් සභාවේ සේවකයන්ගෙන් ලැබෙන අභියාචන සලකා බැලීම.
(ඈ) ඒ අභියාචන සලකා බැලීමෙන් පසු හෝ ඒ විමර්ශන පැවැත්වීමෙන් පසු එළඹ ඇති තීරණ, අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාවේ සභාපතිවරයාට හෝ අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධරයාට දැන්වීම. [1985 අංක 7, 86(ඈ) වගන්තිය]
87. අභියාචන මණ්ඩලය විසින් 86 වගන්තිය යටතේ තම බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී හා ඉටු කිරීමේදී ගනු ලබන තීරණයන් අවසානාත්මක වන අතර ඒ තීරණය හේතුවෙන් ප්‍රතිකර්ම යෙදීමට සිදුව ඇති අවස්ථාවක අවස්ථාවෝචිත පරිදි කොමිෂන් සභාව විසින් හෝ අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ පාලක බලමණ්ඩලය විසින් ඒ තීරණය ක්‍රියාත්මක කළ යුතුය.

අභියාචන මණ්ඩලයේ තීරණයක් අවසානාත්මක බව. [1985 අංක 7, 87 වගන්තිය]

88. (1) අභියාචන මණ්ඩලයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හා ඉටු කිරීමට අවශ්‍ය යැයි අභියාචනා මණ්ඩලය විසින් සලකනු ලබන සියලු කාරනා සම්බන්ධයෙන් අභියාචනා මණ්ඩලය විසින් නියමාවලි සාදනු ලැබිය හැකිය.

නියමාවලි සෑදීමට අභියාචනා මණ්ඩලයට ඇති බලය. [1985 අංක 7, 88 වගන්තිය 88(1) වගන්තිය ලෙස නැවත අංකනය කර ඇත]

(2) මේ පනත යටතේ අභියාචන මණ්ඩලය විසින් සාදන ලද සෑම නියමාවලියක්ම ගැසට් පත්‍රයේ පලකරනු ලැබිය යුතු අතර, එය එහි සඳහන් දින සිට ක්‍රියාත්මක වන්නේය. [1985 අංක 7, 88(2) ලෙස නව උපවගන්තියක් ඇතුළත් කර ඇත]
 

USAB

Ordinance
Sinhala
Tamil
English

USAB Appplication Download

Sinhala
English

නවතම තොරතුරු

පුවත් සහ සිදුවීම්

විශේෂ නිවේදන

ප්‍රදාන සහ ශිෂ්‍යත්ව
සිදුවීම්

1 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවේ ශත සංවත්සර සැමරුම - ලාංඡනය සහ වෙබ් අඩවිය එළි දැක්වීම
1 2020 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2020/21 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
1 2019 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ වීඩියෝව.
1 ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටි සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය
1 ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සංචාරය
 2 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩ භාර ගැනීම
 2 INQAAHE/APQN සම්මන්ත්‍රණ 2019, ශ්‍රී ලංකාව
 2 Presentation made by Chairman, UGC at the General Assembly of the INQAAHE biennial conference in Bahrain
 2 නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

පුවත්